Facebook වෙතට පැමිනෙන නවතම සැකසුමක් කියා සිටින්නේ යම් භාවිතාකරන්නෙකු මිය ගිය පසු එම ගිනුම තව දුරටත් පවත්වාගෙන යාම සදහා ‘legacy contact’ යෝජනා කිරීමක් ඔස්සේ එම ගිනුම් හිමියාගේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු නම් කරන්නට අවස්ථාව ඇති බවකි. පෙරදී සිදුවූවේ එසේ යම් අයෙකුගේ මරනයෙන් අනතුරුව එම ගිනුම froze බවට ස්වංක්‍රීයවම පත්කිරීම වන අතර නව වෙනස් වීම් සමග තත්වය වඩාත් පලදායීව update කිරීමෙ අහැකියාව බහිර අයෙකුට කැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පැහැදිලි කරන්නේ මෙම ‘legacy contact’ යටතේ පත්කෙරෙන අයිතිය ඔස්සේ මුල් භාවිතාකරන්නාගේ ඡායාරූ හෝ පලකිරීම් වෙනස් කිරීමේ හැකියාවක් නොලැබෙන අතර, එසේම ඔහුට එම ගිනුම delete කරන්නට හෝ තවත් අයෙකු වෙතට transfer කිරීමේ හැකියාව නොලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් සදහා පමනක් සීමා වී ඇති මෙම පහසුව ලබා ගැනීම සදහා සැකසුම් වෙතට Settings වලින් පිසිස Security tab ඔස්සේ පහලට පැමිනීමෙන් ලබා ගත හැකි අතර මුල් භාවිතාකරන්නා හට කැමති අවස්ථාවක එම සැකසුම් වෙනස් කරන්නට හැකි වන බවටයි නිවේදනය වන්නේ.