Facebook ආයතනය විසින් පසුගිය වසර පුරාවට සීමිත පිරිසක් ඔස්සේ අත්හදා බලන ලද අංගයක් වූ “On This Day” නවාංගය මේ වන විට සියලුම භාවිතාකරන්නන් සදහා විවෘත වෙමින් ඇති බවටයි නිවේදනය වන්නේ. මෙම අංගය සමග භාවිතාකරන්නා වෙතට පැමිනෙන හැකියාව වන්නේ ගෙවී ගිය වසරක එම දිනයට අදාල photos, status updates හා activities දැක ගැනීමට හැකිවීමත් notifications ලෙසට දැක ගැනීමට හැකිවීමත්ය. logged in user සදහා විවෘත වන මෙම අංගය සමග liking, commenting මෙන්ම sharing හැකියාවන්ස් අමග අනෙකුත් භාවිතාකරන්නන් සමග බෙදා ගන්නට හැකි වනු ඇති බවටයි විස්තර වන්නේ. පෙර පලකිරීම් වල ආරක්ශක සැකසුම් පිලිබදව අවධානය යෙමුව තිබීම වැදගත් බවට දක්වන එම ආයතනය මෙම හැකියාව ක්‍රමයෙන් ලොවපුරා භාවිතාකරන්නන් වෙතට විවෘත වෙමින් ඇති බවටයි නිවේදනය කරන්නේ.