Windows 10 සමග පැමිනි සිත්ගන්නා සුලු වෙනස් කම් අතර Edge බ්‍රවුසරය වෙතට ඇත්තේ මනා පිලිගැනීමකි. Microsoft පැරනි බ්‍රවුසරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග සැසදීමේදී පෙනුම මෙන්ම ක්‍රියාකාරීත්වය අතින් වඩාත් සාර්තකව නිමාව පැමින ඇති බවට පිලි ගැනෙන මෙම බ්‍රවුසරය සදහා මෙහෙයුම් පද්ධතිය සේම වේගවත් දියුනු කිරීම් පෙලක් පසුකරමින් ඉදිරියට යමින් සිටින බවටයි පිලි ගැනෙන්නේ. දැනට පැමිනෙන නිල නොවන තොරතුරු වලට අනූව windows 10 හි Phone සංස්කරනය සමග නව බ්‍රවුසරයේ නව දියුනු කිරීම් කිහිපයක්ම වන බවට මෙන්ම Android සදහාද නිකුතුවක් පිලිබදව හෝඩුවාවක් පල වෙමින් තිබෙනවා.
windows ඉදිරියේදී උපාංග අතර මෙන්ම අනෙකුත් මෙහෙයුම් පද්ධති අතරද වඩාත් නම්‍යව සම්බන්දවීමේ හැකියාව දෙසට චලනය කරවීම සිදුවෙමින් ඇති අතර “Universal Windows Platform Bridges”, නැතිනම් “Project Astoria” හෝ “Project Islandwood” වැනි සංකල්පයක් සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දැනටමත් Cortana වල Android සදහා beta සංස්කරනයක් නිකුත්ව තිබෙනවා.