Amazon පවසන්නේ Alexa smart home technology පදනම්ව පලමු household robot සූදානම් බවයි.ආයතනය පැහැදිලි කරන්නේ මෙහි remote-controlled හැකියාව සමග pets, people, නැතිනම් home security වැනි කාරනා ගැන අවදානය යොමුකරන්නට සුදානමින් පැමින ඇති බවයි. එම ආයතනය පැහැදිලි කරන්නේ අවශ්‍ය අවස්ථාවලදි දුරස්ථ සිටින තම ස්වාමියා වෙත notification ආකාරයෙන් සිදුවෙන සැලකියයුතු වෙනස්කම් ගැන දැනුවත් කරන්නට මෙම නිපැයුම් සූදානම් බවයි. එසේම ඔවුන් පවසනවා මෙය හුඳු “Alexa with wheels” වැනි තත්වයකට වඩා දියුනු එකක් වන අතර වැඩසටහන් ගත කර ඇති විශේෂතා සමග movements මෙන්ම expressions මට්ටමින් දියුනු එකක් බවයි. උදාහරනයල් ලෙසට මෙම රොබෝවට “periscope” කැමරාව ඔස්සේ පහසුවෙන් නිවසේ තත්වයන් ගැන විමසිල්ලෙන් සිටින්නට හැකි බව මෙන්ම අනවශ්‍ය ප්‍රදේශ වෙතට පිවිසෙන්නට තහනම් කිරීමට මෙන්ම අනවශ්‍ය අවස්ථාවලදී cameras මෙන්ම microphones හැකියාවන් අක්‍රියදමන්නට වැනි පහසුකම් ගැනද පැහැදිලි කරනවා. මෙම Astro robot සමග දෛනික ජීවිතය අවශ්‍ය වන සහයකයෙකු ගේ සේවය වඩාත් නවීන හා දියුනු ආකාරයට සපුරන්න සූදානම් බවට පොරොන්දුවන එම ආයතනය පලමු කොට US වලට මෙම වසර අවසානයේ නිකුත් කරන්නට බලාපොරොත්තුවන බව පවසනවා.
Pubudu Siriwansa