Kinect තාක්ශනය අර්ථ ගැන්වෙන්නේ movement, voice හා gesture recognition සමග කටයුතු කරන්නට දියුනු කරන ලද ක්‍රමවේදයක් ලෙසටය. උපකරනයේ වන sensor ඔස්සේ ඉහතකී Inputs හඳුනා ගන්නටත් ඒවා ඇසුරින් ප්‍රතික්ක්‍රියා කරන්නටත් Microsoft ආයතනය මෙම දියුනු කිරීම සිදුකර තිබිනි. Microsoft ආයතනය නිවේදනය කර සිටින්නේ තම Kinect for Windows sensor වල පලමු පරම්පරාවේ දියුනු කිරීම 2015 වසරේදී වෙළඳ පොල වෙතට එවීම සිදු නොවුනු ඇති බවත් එහි දෙවන සංස්කරනයක් අවශ්‍ය උපාංග වෙතට සංයුත්තව එවන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. Kinect for Windows V2 sensor මෙම වසර මුලදී සංවර්ධකයන් වෙතට යොමු ලිරීම එම ආයතනය විසින් සිදු කරන ලද අතර ආයතනය තවමත් බලපොරොත්තුවන්නේ වඩාත් දියුනු කරන ලද body tracking , depth fidelity , full 1080p high-definition , නව infrared capabilities වැනි පැමිනීම් සංවර්ධකයන් වෙතින් ඉදිරියේදී වැඩියෙන් සිදු වනු ඇති බවකි. මේ වන විටත් Microsoft තම 2.0 SDK ඇප් සංවර්ධකයන් සදහා නිකුත්කර ඇති අතර ඒවා Windows Store ඔස්සේ publish කරන්නටත් අවස්තාව ලබා දී තිබෙනවා. Windows-based PC සදහා දැනටමත් Kinect Adapter(( v2) නිකුත්කොට ඇති අතර ඒහි උපරිම ක්‍රියාකාරීතවය සදහා USB 3.0 connection, Windows 8/8.1 හෝ Windows Embedded 8/8.1, a 64-bit processor(two cores), 2 GB of RAM හා DirectX 11 අවශ්‍යතාවයන් සදහන් වෙනවා.