PhishBlock යනු Phishing, Pharming, Hacker’s C&C(Command and Control) Servers යන ආකාර වලට ඔබ වෙතට එන පැමිනෙන හානීන් වලකන්නට ඔබට සහය වන මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය URLs, DNS hostnames හා IP Addresses වල කරන වෙනස්කම් ඔස්සේ සිදුවන අනතුරු වලකන්නට ක්‍රියා කරන්නේ නිර්මානය වන databases එකක් මත සිටය. එහි සෑබෑ ක්‍රියාකාරීත්වය නම් URLs, Hostnames හා IP addresses විමසමින් හානිකර ඒවා හඳුනා ගැනීම හා වැලකීමවේ. ඒ සදහා වන මෙම වැඩ සටහනේ වැදගත්කම වන්නේ එය පරිගණකයේ CPU භාවිතාව හා network performance වලට අවම බලපෑමක් කරමින් හා අඩුම මතක භාවිතාවක් සමග ක්‍රියාත්මක වීම වේ. මෙම මෘදුකාංගය දැනට භාවිතාවන සියලුම Windows මෙහෙයුම් පද්ධතිසමග සහයෝගයෙන් ක්‍රියාත්මක වනවා සේම පහසු ස්ථාපනයට හා අවශ්‍ය විටක දී අස්ථාපනයට ගැලපෙන සේ නිමවී තිබීම වේ. නිදහස් මෘදුකාංගයක් වන මෙහි නවතම සංස්කරන පහත දැක්වෙන බැදියාව ඔස්සේ ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.

PhishBlock 0.9.1.3 32-bit

PhishBlock 0.9.1.3 64-bit