Back to Top

077 34 9191 6

headerfacebook headerlinkedin headertwitter

සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(11)

      අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි. රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක ‍රැගෙන ගුවන්තො‍ටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් ‍රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.(61) අප ඉන් අනතුරුව මාගේ නේවාසිකාගාරය වෙතට ගියෙමු. නේවාසිකාගාරයේ කාලයකට පසුව දොර ජනෙල් පත් සියල්ල විවර කර දැමුවෙමි. තවමත් තම රිය තුල සිටින ඇය වෙතට ගිය මම ප්‍රථම වතාවට මගේ නේවාසික කුටිය වෙතට ඇයට ආරාධනා කලෙමි. සියල්ල අස්පස්කර ගමන් මලු දෙකකට මා සතුවූ දෑ අසුරා තිබූ බැවින් එහි නිදහස් පෙනුමක් ගෙන තිබුනාය. “මම නේවාසිකාගාරවලට හරිම කැමතියි. මොකද දන්නවද, ඒවායේ ඉන්න කොට නිතරම සමුගෙන්ම යන්නට සූදානම් බවක් තිබිය යුතුබව සිතට නැගෙනවා. ජීවිතය අත්පත්කර ගැනීම් පමනක් වෙන මහා අරගලයකට වඩා ඒ ස්වභවයට මම හරිම කැමතියි. මට හිතෙනවා එතැනදි හොඳ සමබර බවක් ජීවිතයට ගෙනෙනවා කියලා” මා ඇය වෙතට බැදුනු අපූරත්වය ඇගේ පිලිතුරින් යලිත් ඉස්මතුවිය. “මමත්” , ඇය සන්සුන්ව පැවසුවාය. ඉන් අනතුරුව ගලා ගිය හෝරා දෙකකට ආසන්න කාලය නියමිත සමුගැනීමේ වේදනව වසන්කරන්නට මෙන් අතීතය මෙන්ම යලි වන්නට නියමිත හමුවීම ගැන නෙක ආකාරගත් දෙබසින් පිරී තිබිනි. “ඒක හරිම අහබු හමුවීමක් සේම හරිම අපූරු හමුවීමක්” අප හමුව පිලිබදව මට දැනෙන සමස්තය වචන බවට පෙරලන්නට මම උත්සාහ කලෙමි. “මුලින්ම මම දෙගිඩියාවක සිටියත් බොහොම ඉක්මනින් ඔබ මාව හරිම සුහඳ සබඳතාවයකට ගෙන ගියා. දන්නවද, ඔබගේ අපූරු සුහඳ, විවෘත, පුලුල් බව මග හරින්නට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි තරම්. මට මතකයි අපි හ්යමුවුනු මුල්ම දවසක ඒක මගේ දින සටහනකත් තබන්නට මට අවශ්‍ය උනා”. සැබවින්ම අපූරු මිනිසුන් එකිනෙකා හමුවන්නේ විටක සිතාගන්නට කිසිසේත් නොහැකි සුලු නිමේශයන් තුලය. තවත් විටක හරිම අතාර්කික ආකාරවලටය. ඒවා අතරින්ද ඔවුන් එකිනෙකා බැදෙන්නේ වඩාත් කලාතුරකින්ය. වඩසත්ම අපූරු කාරනය වන්නේ මේවා අතරින් ඉඳහිටක අපූරු දෑ ලොවට ගෙනෙන්නට පවා ඒ මිනිස් සබදතා මහත්සේ අපූරුවේ.(62) අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය, නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි. ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් “මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි.” කියන්නට මට අවශ්‍ය විය.(63) “තම තරගකාරී සගයන් ඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියට එන්නේ ස්වාභාවිකව ජීවය වර්ධනයට ගතවන කාලය හා සැසදීමේදී ඉතාම කෙටිකාලයක් තුලයි. මිනිසා ලෙසට තමාම නම්කර ගන්නට හා අනෙකුත් සගයන් නම්කර ලන්නට සමත්වන්නේ ඔහු තව දුරටත් ජීවවිද්‍යාත්මක සාධක මත නොව තම මනස මතම වර්ධනය වන්නට ආරම්භවීමේ සිට විය යුතුයි. ඒත් අපි දන්නවා මිනිස් මොලය කියන්නේ වසර දසදහස් ගනනක වර්ධනයක්. සාර්ථක ජීව සෛලයක් බිහිවීම, පරිසරය මත එයට ඇති අනන්‍යතාවය හඳුනා ගන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේම එහි ඊලග වර්ධනතා පිලිබඳව තමන්ටම තීර්නයක කරන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේ සංධිස්ථාන වලින් මේ දිග කථාන්දරය සමන්විතයි කියලා මම හිතනවා. වර්ථමාන මිනිසෙකු සලකන කොට ජීවිවිද්‍යාත්මකව ‍රැගෙන විත් ඇති මුත් සමාජවිද්‍යාත්මක ජීවිතය ඔස්සේ මග හැරී ඇති හැකියාවල් බොහොමයි කියා හදාරන්නන් නිරන්තරයෙන් යෝජනා කරන සමහර හැකියාවල් එසේ සැගව නොයා ‍රැක ගන්නට මේ ගම් වැසියන් සමත්වී තිබෙනවා කියලා මට යෝජනා කරන්නට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතික රටා වල තවමත් ඒවා නොනැසී පමනක් නොවේ වර්ධනය කරමින් ‍රැක ගන්නට අවශය වටිනාකම් ඉතිරිකර ගන්නට සමත්විම ඔවුන්ගේ මේ අපූරු හැකියාවල් පසුපස තිබෙනවා කියන එක මම විස්වාස කරනවා.. ඔබ මොකද හිතන්නේ?” ටිබෙටියානු මිතුරා එකවරම පිලිතුරක් නොදී මද කල්පනාවකට කාලය ලබ ගන්නට තීර්නය කර ඇතුවා සේය. මෙවර ආශ්‍රම සංචාරයේ වසරක කාලය පිරෙන්නට දින කිහිපයකට වඩා ඉතිරිව නැත. නිරන්තරයෙන් ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවල් නිරීක්ශනය කරන්නට, කඳු මුදුනතදිගේ දිවෙන මාවත ඔස්සේ ඒවා මනස තුල පිලිවල කරගන්නට අවශ්‍ය විවේකය ලබමින් ඇවිද යන්නට, ටිබෙටියානු මිතුරාගෙන් මේ තොරතුරු පිලිබද නිගමනයන් නැවත නැවත විමසවා ගන්නට වැනි නෙක කාරනාවලින් පසුගියකාලය පිරී ගොස් තිබිනි. ලොකු ස්වාමීන්වහන්සේ ආශ්‍රමයේ දෛනික රටාවලින් මා සම්පූර්නයෙන්ම මුදා හැර තිබිනි. අවශ්‍ය ඔනෑම වෙලාවකදී ගබඩාකාරතුමා ගෙන් ආහාර ලබා ගන්නට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සදහා අවසර ලැබිනි. මහත් තැන්පත් පරිසරයකදී ලද එවන් සහය සමග ගම්වාසීන් පිලිබදව හැදෑරීම වඩාත් තීව්‍රව කර ගෙන යන්නට හැකිවිය. සමහර විටක ආශ්‍රමයේ ප්‍රතම වතාවට නගරය වෙත යනෙන්නන් ඔස්සේ අවශ්‍ය පොත්පත්, සටහන් කොල පවා ලබා දෙන්නට කටයුතු කෙරිනි. “ඔබ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය සරලව මෙහි සිදුවන දහම ඔස්සේ වන මාවත මග හැරෙන වෙනත් මාවතක් ඔස්සේ වන බව මට පැහැදිලි වුවද ඔබ සාර්ථකව එය අවසන් කරන්නේ යනු නැවත දහම වෙතට පැමිනීම වන බවට මම විස්වාස කරනවා” ඒ මා නිදහස් කර දමමින් ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි කිරීමයි.(64) සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. “මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද කියලා?” ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින් සැරසී සිටින “මහත්මයෙකුට” විසුලුකරනවා වැනිය. “මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ ‍රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් ‍රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට”. මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. “මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ..” කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.(65) විශ්වය මත අහඹුතා අපමනක් මැද පෘතුවියක් නිර්මානය වන අයුරු, ඒ මත අහඹුතා අපමනක් පසුකරමින් ජීවයක් නිර්මානය වන අයුරු මෙන්ම ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය අපමන වර්ණවත් නෙක රසින් පිරි කථාන්දරයක් බදුය. ජීවියෙකු ලෙසට වන මූලික සීමා ඉක්මවා යමින් තමන් තමන් මතම තම කථාන්දරය ලියන්නට සමත් හැකියාවන් අත්පත්කර ගනිමින් තම ජිවිත රටාවන්, තම පරිසර රටාවන් පමනකුදු නොව පෘතුවිය තුලට මෙන්ම අනන්ත අහස්කුස සීමා සිදුරු කරලමින් ආසන්න ආකාශ වස්තූන් ගැනද සොයා බලන්නට අද ඔහු සමත්ව ඇත. ගොඩ නැගීම් හා බිඳවැටීම් අතර වන චලනයන් විසින් නෙක ආකාරයේ උත්සාහයන් වල අවසන් ප්‍රථිපලය ලෙසට මෙම දිගු කථාන්දරය අදද ලියවෙමින් ඇත. සාම්ප්‍රධායික හුරු පුරුදු ලොකයේදී ඇතිවන නිද්‍රා බව අවදිකරවන්නට මේ අපූර්ව ගම්වාසීන්ගේ නෙක විසිතුරු ජීවිතරටා අප වෙතට මහත් පහසුවක් වනු ඇත. සමහර විටක යැවූ ඊමේලය වෙතට ඇය පිලිතුරක් ඒවා තිබෙනවා විය හැක. සිත කිසිසේත්ම විස්වාස නොකරන මුත් ඇය සියල්ල අමතක කරදමා අප හමුවු නගරයෙන්ද වෙන්ව ගොස් තිබෙනවාද විය හැක. තර්ක හැකියාව මනසට එවන් යෝජනාවක් ගෙනෙන මුත් ඇය මහත් බලාපොරොත්තුවෙන් අප හමුව මෙන්ම අප සටහන් පෙල වඩාත් විසිතුරුව ඉදිරියට ගෙන යන්නට සූදානමින් , බලාපොරොත්තුවෙන් සිටිනවා වියයුතුයි විස්වාස නිරන්තරයෙන්ම සිත තුල වන බවක් පැහැදිලිව දැනීම මහත් ශක්තියක් ලෙසින් දැනේ.(66) කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. “සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්” මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. “ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා.” ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. (67)