තිස් වසරකටත් වඩා පැරනි E Mail යල් පැන ගිය භාවිතාවකැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය. කලකට ඉහතදී අන්තර්ජාලය සමහරුන්ට ඊමේල් භාවිතාවම වන තරමට ඌනනය වෙමින් තිබිනි. සමාජජාලා වල පැමිනීම මෙන්ම තවත් වෙබ් ආශ්‍රිත සංවාද අවකාශ සලසන සේවාවගේ පැමිනීම තරමක ඊමේල් පිලිබදව වූ අවදානය අඩුකරන්නට සමත්වුවද තවමත් පෞද්ගලික මෙන්ම ආයතනික මට්ටමේදී බහුල අවදානයක් ලබා ගන්නා දිනකට සැලකිය යුතු ප්‍රමානයක කාලයක් ලබා ගන්නා මෙන්ම ඉදිරි පස් වසරක් වැනි කාලයකදි පවා භාවිතාවන සේවාවක් වනු ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ සාම්ප්‍රධායික Mail සේවාවෙ දිගුවක ලක්ෂන දරමින් සමාජජාලා නැතිනම් සමාන්තර සංවාද සේවා තරම් සංකීර්න හා අස්ථාවර මෙන්ම වේගවත් නොවන E Mail  සමග කටයුතු කිරීම තවමත් ජනංප්‍රිය භාවිතාවක් බවයි.
අනවශය ඊමේල නොහොත් spam වැනි කරදරකාරී තත්වයන් වඩාත් ආරක්ශිත ඊමේල් භාවිතාවකට ඔවුන්ව ගෙන යමින් සිටිනවා සේම රාජය මට්ටමින් පවා මේවයේ හුවමාරු වන තොරතුරු පිලිබදව අවධානයෙන් සිටිනවා යැයි කෙරෙන හෙලිවීම් අතර වුවද භාවිතාකරන්නන් අතර ඊමේල් වෙනුවෙන් ඇති කැමැත්ත අඩු නොවන්නේ වැඩි තොරතුරු ප්‍රමානයක් සරල යාන්ත්‍රනයක් ඔස්සේ ලැබීමට වන කැමැත්ත මෙන්ම වඩා සරල හා සුවපහසු ආකාරයට එවා විවෘත කරන්නට පිලිතුරු සපයන්නට ඇති හැකියාව නිසා බවටයි හෙලි වන්නේ.