පසුගිය දිනවලදී ඉන්දීය Central Bureau of Investigation (CBI) විසින් UK, Canada, Germany, Australia, Spain, US යන රටවල් ඉලක්කව ක්‍රියාත්මක වුනු 76 scam centres වටලා අක්‍රිය කර දමන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වනවා. මේ සදහා පදනම්ව තිබෙන්නේ Amazon, Microsoft වැනි ආයතනයන් වල සේවාවන් ආශ්‍රිතව ව්‍යාජ ඇමතුම් ලබා දී ගොදුරු කරගන්නන් ගෙන් ජාත්‍යන්තර මට්ටමේ payment gateways සහ channels භාවිතා කරමින් මුදල් ලබා ගන්නට කටයුතු කර තිබීමයි. ඔවුන් පැහැදිලි කරන්නේ මේ සදහා pop-up messages වැනි ආකාරවලට භාවිතාකරන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති හෝ භාවිතාවන් ආසාධිතව ඇති බව පෙන්වමින් පිලිසකර සදහා ගෙවීම් ගන්නට කටයුතු කරන බවයි. පහර දෙන්නන් මෙහිදී remote access ආකාර ලබා ගන්නට පවා සමත්ව ඇති බවට පැහැදිලි කරනවා. උප්දෙස් ලැබෙන්නේ නිතරම යාවත්කාලීන භාවිතාවන් මෙන්ම උපදෙස් පැතීමේදී අදාල ආයතනයන්ගේ නිල දුරකථන අංක ගැන මෙන්ම ඊමේල ලිපින ගැන සැලකිලිමත් වන ලෙසටයි
Pubudu Siriwansa
