Stanford University වල හැදෑරුම් වාර්ථාවක් පවසන්නේ 98% නිවැරදිව ඔබ මත්වී ඇතැයි පැවසීමේ හැකියාව පවතින බවයි. කුඩා පිරිසක් ආශ්‍රිතව කරන ලද හැදෑරුමක් ඇසුරින් ඔවුන් පැහැදිලි කරන්නේ ඔවුන්ගේ voice patterns වල ස්වභාවය ඔස්සේ මෙම හැකියාව වඩාත් සාර්ථකව smartphones ඔස්සේ තමන් දුටු බවකි. එම ආයතනය පවසන්නේ වැඩි දුර හැදෑරුම් වලට පොලබවන ප්‍රගතියක් ඇති මෙම හැදෑරුම් ඔස්සේ මාර්ග අනතුරු වලක්වා ගන්නට මහත් සහයක් ලැබෙනු ඇති බවකි. පාලනය කල වෙලාවක් තුලදී මත්පැන් ප්‍රමානය මෙන්ම වචන හැසිරවීමේ ස්වභාවය පිලිබඳව කල හෑදෑරිමක් මේ සදහා යොදාගත් බවටයි ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ.එසේම පියවර තබන ආකාරය, texting ආකාරය මෙන්ම voice pattern යනාදිය sensors ඇසුරින් ලබාගත් දත්ත අනගත වැඩිදුර හැදෑරුම් සදහා සැලසුම් කරමින් සිටින් බවකි.
Pubudu Siriwansa
