Google පවසන්නේ එලබෙන මාසය වන විට දෑවසරක් ඉක්මවා අක්‍රිය Gmail ගිණුම් මකා දමන්නට නියමිත බවයි. මීට කලකට පෙර Google ආයතනය මේ බව නිවේදනය කර තිබුනු අතර ඔවුන් පවසා තිබුනේ මෙම බොහෝ අක්‍රිය ගිණුම් පහසු සයිබර් පහර දෙන්නන්ගේ ග්‍රහනයට හසුව අනෙකුත් ගිණුම් වෙතටද හානිකර බව පතුරන්නට යොදා ගනිමින් සිටින බවයි. මෙහිදී Gmail ගිණුම් මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවන්ද අක්‍රිය භාවිතා කරන්නන් ගෙන්මකා දමන්නට නියමිත තිබෙනවා.. මිලියන ගනනක් මෙසේ මකා දමන්නට නියමිතව අතර ඊට පෙර තම ගිණුමට පිවිස වෙනස් කම් කිහිපයක් කරමින් තම ගිණුම සංක්‍රිය කරගන්නට භාවිතාකරන්නන් හට තවමත් අවස්ථාව තිබෙනවා.
Pubudu Siriwansa