මේකද අපේ තත්වය?

0

සැකසුම කලු මල්ලි | වර්ගය දේශපාලනික | දිනය 10-11-2011

ශ්‍රී ලංකාව අද චිකාගෝව වගේලු ජ.වි.පෙ අනුර කුමාර සහෝදරයා තමයි පසුගිය දවසක මේක කිව්වෙ (කොලොන්නව සිද්දිය නිසා). තවදුරටත් ආණ්ඩුව ගැන මේසේ පැවසුවා.

  • පාරවල් හදනවා බස් යන්න බැහැ (දක්ෂිණ අධ්වේගි මර්ගය )
  • වරායන් හදනවා නැව් එන්නැ
  • විදුලි බලාගාර හදනවා ලයිට් දෙන්න බැ (නොරොච්චෝල අබලං)
  • තෙල් ගෙන්නනවා ඒවා ගහලා වාහන නවතිනවා
  • පොල් ගේනවා මුහුදට දානවා
  • සිමෙන්ති ගේනවා ගෙවල් හදන්න බැ…

බලාගෙන ගියාම මේ කියන එව්වා වැරදිත් නැහැ.

මීට අමතරව මට හිතුන ටිකක් පහතින්

  • බෙහෙත් ගේනවා ඒවා බීලා ලෙඩ්ඩු මැරෙනවා
  • ක්‍රීඩාංගන හදනවා මැච් නෑ (දඹුල්ල )
  • ටෙලි ගම්මාන හදනවා වැඩ නැ (රන්මිහි තැන්න කඩා වැටෙමින් පවති )
  • කෝච්චි ගේනවා ඒවයෙ මිනිස්සුන්ට යන්න බැ, බ්‍රේක් නෑ
  • බත් කන්න බැ හාල්වල ආසනික්
  • විභාග පවත්වනවා වැරදි ප්‍රශ්ණ පත්‍ර බෙදනවා
  • ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව පවත්වනවා, ඒවායේ ගිණුම් වාර්ථා තියෙන හාර්ඩ් ඩිස්ක් නැතිවෙනවා
  • පාර්ලිමේන්තු මංත්‍රිවරයෙක් රෝහල් ගතවෙනවා රටේ උග්‍ර මත්දව්‍ය හිඟයක් ඇතිවෙනවා(සමහරවිට මේක රජයේම ප්ලැන් එකක් වෙන්න පුලුවන්, මතට තිත තියන්න හික්ස්… )
  • ඇමතිවරු ජනතාවට චෝදනා කරනවා කුඩු කාරයෝ පර්ලිමේන්තු එවනවා කියල

තවද පොදු ජනතාවගේ යහපත උදෙසා බස් ගමන් නොගන්නා පෞද්ගලික වැනි මාර්ගයන්ටද කෝටි ගනන් වැයකර කාපට් කිරීමේ සද්කාර්ය්‍යක නිරතවෙමින් පවතී.

මේවා බලාගෙන මේගොලොන්ටම කතිරෙ ගහන අපිට සුබම සුබ අනාගතයක් ෂුවර්…

(මෙහෙම ගියොත් නන්දා මාලනියන් කියන විදිහට වෙන්නත් බැරි නැහැ)

මෙන්න ඔබේ දක්ෂතාවයත් හඳුනාගැනීමට අවස්ථාවක්….

0

සැකසුම කලු මල්ලි | වර්ගය අධ්‍යාපනික, අන්තර්ජාලය | දිනය 18-09-2011

කාලෙකට පස්සෙ කලු මල්ලිටත් ලිපියක් පලකරන්න අදහසක් ජනිත වුනේ මෙම පහතින් දැක්වෙන ලිපිය ඊයකින් ලැබුනට පස්සේ, සමහරවිට ඔයගොලොනුත් මෙම ලිපිය මීට පෙරත් කියවා ඔබේ දැනුමත් පරික්ෂාකර ඇති. මෙම ලිපිය කලු මල්ලිට එවු රචිත සහෝදරයාට කලු මල්ලිගේ අචාරය. හරි නිධාන කථා ඇති…… ඔයගොලොනුත් තමන්ටම අවංක වී මෙම අභියෝගය අරගෙන බලන්නකො.පලමු

දෙවනATT00013ATT00016ATT00019ATT00022සමාව බාජනයකට(මෙක මුලින්ම දැක්කෙ අපේ ඔබා මාම දාලතිබුන කොමෙන්ටුවකින් හොඳේ ) දාන්න ඕන කියවීමට අපහසුතාවයක් ඇතිවුනානම්.

මුරලිට කලු මල්ලීගේ අචාරය

0

සැකසුම කලු මල්ලි | වර්ගය වර්ගීකරණය නොකළ | දිනය 02-04-2011

අද මුම්බයිහි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලොව ප්‍රබලතම දඟ පන්දුයවන්නා ලෙස නම් දරාසිටින කඳුරට උපන් මුත්තයියා මුරලිදරන්ට කඳුරැටියෙක් වශයෙන් කලු මල්ලිගේ ආචාරය සහ ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි.

මුරලිදරන්

සුභ නව වසරකට කලු මල්ලිගෙන් සුභ පැතුම්

1

සැකසුම කලු මල්ලි | වර්ගය වර්ගීකරණය නොකළ | දිනය 01-01-2011

සුභ නව වසරක්

සියලුම පැතුම් ඉටුවන, ප්‍රීතිමත් නව වසරක් වේවායි කලු මල්ලිගෙන් උණුසුම් සුභ පැතුම්.

අද උදේ කලු මල්ලිගේ කනට වැටුන දෙයක්

1

සැකසුම කලු මල්ලි | වර්ගය වර්ගීකරණය නොකළ | දිනය 19-10-2010

අද උදේ පාන්දර මම රුපවාහිනිය අහමින් ඉන්නකොට (ඔව් ඔව් බැලුවෙ නැහැ අහගෙන හිටියෙ) මෙන්න මේ වැකිය මගේ කනට වැටුනා “දුප්පතුන්ට සැලකීම සමාජ වාදය නොවේ”

සංවාදයට විවෘත්තයි…. මම කැමතියි ඔයගොලන්ගෙ අදහසුත් දැනගන්න.

කලු මල්ලි සල්ලිකරයෙක් වෙන්නයි යන්නෙ….

5

සැකසුම කලු මල්ලි | වර්ගය අන්තර්ජාලය | දිනය 13-10-2010

අද මම ඔයාලට පෙන්වන්න යන්නෙ මට ලැබුන ඉතා විශේෂ ඉමේල් පණිවිඩයක් (සාමන්‍යයෙන් ඔවා අනිත් අයට පෙන්වන දේවල් නොවේ හොඳේ :) …..) මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකයේ වැඩිපුරම පිං කරන උත්තමයන් ඉන්නෙ අපේ රටේ කියල ඒත් මේ ඉමේල් පණිවුඩයෙන් ඒ අදහස වෙනස් වුනා.

ඔයගොල්ලොත් ඔය පහතින් තියෙන ලිපිය කියවලා බලන්නකො එතකොට කාරණය වැටහෙයි. මේක එවලා තියෙන්නෙ සෙනගල් කියන රටේ තියෙන බැංකුවක වැඩකරන ඔඩිටර් කෙනෙක් එයා කියන විදිහට එයා වැඩ කරන බැංකුවේ කාත් කවුරුවත් නැති ගිණුමක් තියෙනවාලු ඒකේ ඇමරිකානු ඩොලර් මිලියන 25කුත් තියෙනවාලු ඉතිං මේ කාරුණාවන්ත පිංවන්ත උත්තමයා කැමතියි එම මුදල මගේ ගිණුමකට බැරකර ඒකෙන් කොටසක් මටත් දෙන්න ඩොලර් මිලියන 25 ක් කියන්නෙ කියක්ද අප්පේ ලංකාවේ සල්ලිවලින් නිකං ඉඳලා ඕකෙන් මිලියන 1ක් ලැබුනත් කීයක්ද මටනම් හිතාගන්නවත් බැහැ.

මෙන්න ලිපිය කියවලාම බලන්නකො

emailඔයගොලොන්ටත් මේවගේ ලිපි ලැබිලා ඇති.

ඔබටත් උබුන්ටු වළාකුලක් නොමිලේ

3

සැකසුම කලු මල්ලි | වර්ගය අන්තර්ජාලය | දිනය 12-10-2010

යාලුවනේ ඔබත් කැමතිද වලාකුල් පරිගනකයක්(Cloud Computing) නොමිලේ පාවිච්චි කරන්න?

එහෙනම් මෙන්න ඒකට කදිම අවස්ථාවක් උදාවෙලා තියෙනවා ඔබත් වලාකුල් පරිගනක සම්බන්ඳව උනන්දුවක් ඇති අයෙක්නම් ඇමසන් ඊසී 2 (AMAZON EC2) ගැන දැනටමත් දන්නවා ඇති හැබැයි ඒක නොමිලේ සපයන සේවාවක් නෙවෙයි.

දැන් අපිකවුරුත් දන්න උබුන්ටු ඇමසන් සමාගම සමග එකතුවි මෙම සේවාව ඔබට නොමිලේ පැයක කාලයකට සපයනවා. පැයක්වුනත් ඒක හරිම වටිනවා මොකද ඔබට අවශ්‍ය සැම දෙයක් එහිදි කරන්න පුලුවන් මමත් පාවිච්චි කලා ඔබට අවශ්‍ය ඕනැම මෘදුකාංගයක් ඉතාඉක්මනින් භාගත කර ස්ථාපනය කරන්න පුලුවන්.

මෙන්න ලින්ක් එක ඔබත් පාවිච්චි කර බලන්න https://10.cloud.ubuntu.com/

මගේ පළමු ලිපිය

0

සැකසුම කලු මල්ලි | වර්ගය වර්ගීකරණය නොකළ | දිනය 28-09-2010

මෙම අඩවිය ස්ථාපනය කරලා ගොඩක් කල් වුනාට එකම ලිපියක්වත් පල කරන්න හරිහැටි වෙලාවක් තිබුනෙ නැහැ ඒත් අද ඉඳලා මගෙම ලිපි පල කරන්න කලු මල්ලි බලාපොරොත්තු වෙනවා.

ආයුබෝවන්

ආයුබෝවන්